
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය ඉරිදා (පෙබ 18) කුඹුක්ගැටිය, වෙල්ගල නෙල්ලිය ප්‍රදේශයේදී 30 හැවිරිදි තම පුතු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 60 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයෙක් බව පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් ඉල්ලා පියා සමඟ නිතර ආරවුල් ඇති කරගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය වූ දිනයේදීද පුතා සහ පියා මුදල් සම්බන්ධයෙන් ආරවුලක් ඇතිකරගෙන ඇති අතර, එහිදී පියා පුතාට මිටියකින් පහරදී ඇති බව පොලිසිය පවසයි.
ඝාතනය සම්බන්ධයෙන් පියා අත්අඩංගුවට ගෙන ඇති අතර කුඹුක්ගැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart