
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමෙන් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම පවසයි.
එහි සභාපති ආර්.එම්.එල් රත්නායක සඳහන් කළේ, ලබන ජූලි 17 වැනිදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්රකාශයට පත්කිරීමට සිය කොමිසමට බලය ලැබෙන බවයි.
2024 ඡන්ද හිමි නාමලේඛණයේ හිමිකම් හා විරෝධතා පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවෙයි.
මැතිවරණ කොමිසම සඳහන් කළේ, ජූලි අග වනවිට 2024 ඡන්ද හිමි නාම ලේඛනයේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.
සැප්තැම්බර 17 ත් ඔක්තොම්බර් 16 ත් අතර කාලයේ අනිවාර්යෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart