
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී පේරු අගනුවර ගුවන් තොටුපළ ආසන්නයෙන් සොයාගත් අභිරහස් ‘පිටසක්වල මමී’ යුගලය අතීත යුගයේ අස්ථිවලින් සාදන ලද බෝනික්කන් බව විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබේ.
මේ පිළිබඳව සිදුකරන ලද විද්‍යාත්මක විශ්ලේෂණයකට අනුව පසුගිය සිකුරාදා (12) පේරුහි සංස්කෘතික අමාත්‍යාංශය විසින් ලීමාහිදී සංවිධානය කරන ලද ජනමාධ්‍ය හමුවේදී, විශේෂඥයන් විසින් මෙම හෙළිදරව් කිරීම සිදුකරන ලදී.
“ඔවුන් පිටසක්වල ජීවීන් නොවේ. ඒවා කෘත්‍රිම මැලියම් සමඟ එකතු වූ මෙම ග්‍රහලෝකයේ සත්ව අස්ථි වලින් සාදන ලද බෝනික්කන්” පේරු හි නීති වෛද්‍ය හා අධිකරණ වෛද්‍ය විද්‍යා ආයතනයේ පුරාවිද්‍යාඥ ෆ්ලේවියෝ එස්ට්‍රාඩා (Flavio Estrada) පැවැසීය.
පසුගිය සැප්තැම්බර් මාසයේ, පුළුල් මාධ්‍ය ආවරණයක් මඟින් දිගටි හිසක් සහ ඇඟිලි තුනකින් සමන්විත අත් සහිත කුඩා මමීකෘත සිරුරු දෙකක් මෙක්සිකානු කොංග්‍රස් රැස්වීමකදී ප්‍රදර්ශනය කෙරිණි.
මෙක්සිකානු මාධ්‍යවේදී Jaime Maussan කියා සිටියේ, එම සිරුරු වසර 1,000 ක් පමණ පැරණි බවත්, 2017 දී පේරු වෙතින් ඒවා සොයාගත් බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart