
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විවිධ හේතූන් මත නතර වී තිබූ නේපාලයේ ගෞතම් බුද්ධ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (Gautam Buddha International Cricket Stadium) ඉදිකිරීම් කටයුතු ළඟදීම නැවතත් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
සිතාරාම් කට්ටෙල් සහ කුංජන ගිමිරේ යන නළු නිළියන්ගේ ධර්මස්-සුන්තාලි පදනම මඟින් අදාළ ව්‍යාපෘතිය සඳහා මුදල් නොමැති බව පැවසීමත් සමඟ මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් නතර විය.
මෙම ව්‍යාපෘතිය දැන් භාරත්පූර් අගනගරයේ පරිපාලනය විසින් ඉදිරියට ගෙනයෑමට එකඟතාව පළකර ඇත.
මුදල් නොමැතිකම හේතුවෙන් ධර්මස්-සුන්තාලි පදනම විසින් අතහැර දමා ඇති භාරත්පූර් ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීමේ වගකීම රජය භාර ගැනීම සඳහා අප්‍රේල් මාසයේදී සාකච්ඡා කර තිබේ.
යෝජිත ගෞතම් බුද්ධ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් 2019 ජනවාරි 30 වැනිදා ආරම්භ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart