
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් කොස්තාපල්වරයකුට පහරදී බරපතළ තුවාල සිදුකළ තවත් පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ ගුවන් තොටුපල කටුනායක ඒකකයට අනුයුක්තව රාජකාරි කර පොලිස් කොස්තාපල්වරයකු බව වාර්තා වේ.
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අතර ඇතිවූ පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදු වී ඇති අතර, පොලිස් කොස්තාපල්වරයාට ‘මල් වාස්’ එකකින් පහරදී ඔහුගේ හිස පොලිස් උපකාරක සේවා කවුළුවේ ජනේලයේ වද්දා තුවාල සිදුකර ඇති බව පොලීසිය පවසයි.
මෙම සිදුවීම සම්බන්ධව ඉදිරි විමර්ශන ගුවන්තොටුපල පොලිසිය විසින් සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart