August 16, 2025

ඊයේ ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා ගියේය.

දිනය තුළ ඒකක 289.69 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 20,218.36 ක් ලෙසින් සටහන් විය.

මීට පෙර පසුගිය අගෝස්තු 04 දින ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,000 සීමාව ඉක්මවා යාමට සමත් වුවද, එදින ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 20,000 සීමාවෙන් පහළට පැමිණියේ ය.

අද දින රුපියල් බිලියන 9.54ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තාවීම විශේෂත්වයකි.