
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට පෙර, ඔහුට එරෙහිව පවතින අධිකරණමය නඩු සලකා බැලිය යුතුව තිබුණු බව සමගි ජන බලවේගය පවසයි.
එසේම දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි.
“ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණ නඩු ගණනාවකට මුහුණ දෙන පුද්ගලයෙක් පොලිස්පතිවරයා ලෙස පත්කර තිබෙනවා. එම පත්කිරීමේදී විභාග වෙමින් පවතින අධිකරණ නඩු සලකා බැලිය යුතුව තිබුණා. අරගලය සමයේ ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් මුදල් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් වත්මන් පොලිස්පතිවරයාට චෝදනා එල්ල වී ඇත්තේ සැකකරුවෙකු ලෙසයි. මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මානව හිමිකම් පෙත්සම් ගොනුකර තිබෙනවා” හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart