
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හමාස් ප්‍රහාරයෙන් මියගිය සුජිත් යටවර බණ්ඩාරගේ දේහය ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත අද (07) බාරදී ඇත.
හමාස් සංවිධානය විසින් ප්‍රාණඇපකරුවකු ලෙස රැගෙන ගොස් සිටි බවට සැක කළ සුජිත් බණ්ඩාර යටවර මියගොස් ඇති බවට ඊශ්‍රායල පොලීසිය තහවුරු කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
ඔහු සඳහන් කර තිබුණේ, හඳුනානොගත් මළ සිරුරකින් ගත් DNA සාම්පල ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල සමග සැසඳෙන බවට ඊශ්‍රායල පොලීසියේ ඉන්ටර්පෝල් ශාඛාව සනාථ කර ඇති බවයි.
මේ වන විට ඊශ්‍රායල – හමාස් ගැටුමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු මියගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart