
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම, සිංගප්පූරුවේ එක්ස්ප්‍රෙස් පර්ල් (X-Press Pearl) නෞකාවේ හිමිකරුගේ නීතීඥයන් සහ රක්ෂණකරුවන් සමඟ ජූලි 18-19 දිනවල ඵලදායි සාකච්ජාවක් සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
හිමිකම් තක්සේරු කිරීමේ ප්‍රගතිය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද එම දැනුම්දීමේ සඳහන් වේ.
එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනයෙන් සිදුවූ හානිය සමථයකට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය පත්කළ නීතිපතිවරයාගේ නායකත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් පසුගියදා සිංගප්පුරුව බලා පිටත්ව ගියහ.
මෙම සාකච්ඡා සඳහා නීතීඥයන් සහ නාවික සහ රක්ෂණ සමාගම්වල නිලධාරීන්ගේ සහභාගීත්වය නීතිපති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart