
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ ඔහු සමග සමීපව කටයුතු කරන එහි සාමාජිකයන් මෙන්ම පවුල්වල අයගේ ද සියලු වත්කම් පිළිබද විමර්ශනයක් ආරම්භ කිරීමට යන බව වාර්තා වේ.
අයථා වත්කම් පිළිබද විමර්ශන සිදුකරන විශේෂ පොලිස් ඒකකය මූලික කරගෙන මෙම විමර්ශනය සිදුකිරීමට යන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වීම සහ ඒ පිළිබද ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකරන බවට මතුව ඇති ජනමතය හේතුවෙන් මෙම විමර්ශන ආරම්භ කර ඒ පිළිබද වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ අංශවලට උපදෙස් ලැබී ඇති බව සදහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart