
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්ත – ඕස්ට්‍රේලියා අලු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කණ්ඩායම් දෙකටම විවෘත වී තිබේ.
ජයග්‍රහණය සඳහා ලකුණු 281ක ඉලක්කයක් හඹා යන ඕස්ට්‍රේලියා කණ්ඩායම සිව්වැනි දිනය නිමා වන විට ලකුණු කඩුලු 3ක් දැවී ලකුණු 107ක් ලබා සිටී.
ඒ අනුව අද (ජුනි 20) අවසන් දිනයේ ජයග්‍රහණය සඳහා ඔවුන් ලකුණු 174ක් ලබා ගත යුතු අතර එංගලන්තය කඩුලු 7ක් බිඳ දැමිය යුතු වේ.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 393ක් ලබා ඉනිම අත්හිටවීය.
ඔස්ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 273කට සීමා කළ එංගලන්තය ලකුණු 20ක වාසියක් සමග දෙවැනි ඉනිම ආරම්භ කර සිව්වැනි දිනයේ තේ පානය සඳහා තරගය නතර කරන අවස්ථාව වන විට සියලු දෙනා දැවී ලකුණු 273ක් රැස් කළේය.
අලු බඳුන 2005 තරගාවලියේ බර්මින්හැම් – එජ්බැස්ටන් තරගයේ ප්‍රතිනිර්මාණයක් ලෙස සැලකිය හැකි මෙම තරගයේ වෙනස ඕස්ට්‍රේලියාවට ලැබී ඇති ඉලක්කය 1 ලකුණක් අඩු වීමයි.
එම තරගයේ ලකුණු 282ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රෙලියාව ලකුණු 2කින් පරාජය කරමින් ටෙස්ට් ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු පරතයකින් තරගයක් ජය ගත් කණ්ඩායම ලෙස එංගලන්තය ඉතිහාසයට එක් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart