
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්පැන් බෝතල්වල අලවා ඇති ආරක්‍ෂිත ස්ටිකර්වල ව්‍යාජ ඒවා හඳුනා ගැනීමට පාරිභෝගිකයන්ට හා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට හැකිවන පරිදි පවතින ජංගම යෙදවුම වැඩි දියුණු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අදාළ ස්ටිකර් නිෂ්පාදන සමාගම වෙත නියෝග කර ඇත.
මත්පැන් බෝතල්වල ආරක්‍ෂිත ස්ටිකර් ඇලවීම අනිවාර්ය කළද එම උපදෙස් දිවයිනේ සියලුම මත්පැන් නිෂ්පාදකයන් අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන්ගේ අප්‍රසාදය පළව තිබේ.
එම ස්ටිකර් භාවිත නොකරන සමාගම් හතරක් මේ වන විට හඳුනාගෙන ඇති බව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කාරක සභාව හමුවේ පෙන්වාදී තිබේ.
කෙසේවෙතත්, ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා විශේෂ උපකරණ 200ක් පසුගිය මාර්තු මාසයේදී සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාදී ඇතත් මේ දක්වා එම උපකරණ භාවිත කර නොමැති බවද මෙහිදී අනාවරණය වී ඇත.
එම උපකරණ ප්‍රායෝගිකව භාවිතා කළ හැකි මට්ටමට තාක්ෂණික වශයෙන් වැඩි දියුණු කිරීම අගෝස්තු 30 වැනි දින වන විට සම්පුර්ණ කරන ලෙස අදාළ සමාගම වෙත සභාපතිවරයා උපදෙස් ලබාදී තිබේ.
කාරක සභා සමාජිකයන් පසුගියදා (24) සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී වෙළෙඳ පොළේ පවතින මත්පැන් බෝතල්වල අලවා ඇති ස්ටිකර් සත්‍ය ඒවාද ව්‍යාජ ඒවාද යන්න හඳුනාගැනීමේ ක්‍රමවේදයක් නොමැතිබවට නිරීක්ෂණය කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සඳහා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් ඊයේ(10) පාර්ලිමේන්තුවේදී රැස්විය.
කාරක සභාවට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආරක්ෂක ස්ටිකර් නිෂ්පාදන සමාගමක නියෝජිතයකුද කැඳවා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart