May 26, 2025

පසුගියදා නාවල ප්‍රදේශයේ වාහන කිහිපයක් ගැටීමෙන් සිදුවූ අනතුරෙහි රියදුරු තිරිංග වෙනුවට වැරදීමකින් ඇක්සලරේටරය තදකිරීම නිසා සිදුවූ බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ පවසති.

වීඩියෝ දර්ශනවලට අනුව, මෝටර් රථ දෙකක් සහ ත්‍රිරෝද රථයක් ඇතුළු වාහන කිහිපයකට මෙම අනතුරින් හානිවී ඇත.

ඇසින් දුටු සාක්ෂිකරුවකු පැවසුවේ මෝටර්රථය මුලින් පදික මාරුවේදී පාසල් සිසුවෙකු හප්පා ඇති බවත්, දරුවා බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත්ය.

ඉන්පසුව, මෝටර්රථය යතුරුපැදි දෙකක් හප්පා සිය ත්‍රිරෝද රථයේද ගැටී පෙරළී ගොස් පසුව තවත් මෝටර්රථ දෙකක ගැටී නතර වූ බව ඇසින් දුටු සාක්ෂිකරු තවදුරටත් සඳහන් කරයි.