
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ අවසන් රැලි දෙක කොළඹ නගරයට ඇතුළු වන ප්‍රධාන මාර්ග දෙකක් වසාදමා පැවැත්වීමට කළ ඉල්ලීම්වලට අනුමැතියදීම බස්නාහිර පළාතේ රථවාහන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරණයේ මෙම අවසන් රැලි දෙක පමණක් නොව ප්‍රධාන මාර්ග වසාදමා ජනාධිපතිවරණයේ කිසිදු රැලියක් පැවැත්වීමට අනුමැතිය දීම තරයේ ප්‍රතික්ෂේප කරන බවද නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයතිලක ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරණයේ දී පමණක් නොව කිසිදු අවස්ථාවක ප්‍රධාන මාර්ග වසාදමා දේශපාලන රැලි පැවැත්වීමට අනුමැතියදීම යෝග්‍ය නොවන බව අවධාරණය කර ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා තම තමන්ගේ දේශපාලන හයිය පෙන්වීමට දේශපාලන පක්ෂ දරන උත්සාහයේදී මහජනතාව දැඩි අපහසුතාවකට පත්වීමට හැකියාව ඇති හෙයින් මේ සදහා ඉඩදීම යෝග්‍ය නොවන බවද පෙන්වා දී ඇත.
ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින රනිල් වික්‍රමසිංහගේ අවසන් රැලිය මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට මාර්ගය වසාදමා පැවැත්වීමටත්, සමගි ජන බලවේගය පක්ෂයේ අපේක්ෂකයකු වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාසගේ අවසන් රැලිය මරදාන ටවර් රඟහල ඉදිරිපිට මාර්ගය වසාදමා පැවැත්වීමටත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් අනුමැතිය දීමට අවශ්‍ය නිර්දේශ ඉල්ලා නාගරික කොමසාරිස් හද්රානි ජයතිලක ඉදිරිපත් කළ ලිපියකට පිළිතුරු යවමින් බස්නාහිර පළාතේ රථවාහන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මීට පෙර අවස්ථාවල නිවාඩු දිනවල දී දේශපාලන අවශ්‍යතා සඳහා මාර්ග වසාදැමීමෙන් මහජනතාව පීඩාවට ලක්වූ අවස්ථාවන් උදාහරණ ලෙස පෙන්වා දෙමින් මේ බව දැනුම් දී ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා පීඩාවට පත් වූ ජනතාවගෙන් පොලිසියට හා ඒ සඳහා අවසර දුන් රජයේ නිලධාරීන්ට විඳීමට වූ අපහසුතා ගැනද අවධාරණය කර ඇතැයි වාර්තා වේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart