
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලිකා ඉසව්වේ රන් පදක්කම අද දිනාගත්තා ය.
6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය අද අවසන් දිනටත් සෞදි අරාබියේදී පැවැත්වෙයි.
එහි වයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලිකා ඉසව්වට තරග කළ ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා සටහන් කළ කාලය මිනිත්තු 2යි තත්පර 14යි දශම 8යි 6ක්.
ඒ අනුව ඇයට රන් පදක්කම හිමිවිය.
රිදී පදක්කම චීනයට හිමි වූ අතර ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ පිලිපීනයයි.
මේ අතර, වයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලක අවසන් තරගයට එක් වූ ශ්‍රී ලංකාවේ ශවිඳු අවිශ්ක තරගය අවසන් කළේ මිනිත්තුවයි තත්පර 53යි දශම 4යි 1ක කාලයකිනි.
ඒ අනුව ඔහුට ලෝකඩ පදක්කම හිමිවිය.
චීනය එහි රන් පදක්කම දිනූ අතර, රිදී පදක්කම හිමි වූයේ කුවේටයටයි.
වයස අවුරුදු 18න් පහළ උසපැනීම බාලක ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ පවන් නෙත්‍ය සම්පත්ට හිමිවිය.
ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර 2යි දශම 0යි 3කි.
වයස අවුරුදු 18න් පහළ බාලිකා මිශ්‍ර සහය ධාවන ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිවිය.
ඔවුන් තරගය අවසන් කළේ මිනිත්තු 2යි තත්පර 14යි දශම 2යි 5කිනි.
එහි රන් පදක්කම චීනයට හිමි වූ අතර, ලෝකඩ පදක්කම තායිලන්තයට හිමිවිය.
වයස අවුරුදු 18න් පහළ මීටර 200 බාලක ඉසව්වට එක් වූ චතුෂ්ක ඉමේෂ් සිල්වා තත්පර 22යි දශම 0යි 9ක කාලයක් සටහන් කළේ ය.
ඒ අනුව ඔහුට හිමි වූයේ 7 වැනි ස්ථානයයි.
හොංකොං, දකුණු කොරියා සහ සිංගප්පූරු ක්‍රීඩකයින් පිළිවෙලින් එහි රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්තේ ය.
වයස අවුරුදු 18න් පහළ මීටර 200 බාලිකා අවසන් තරගයට එක් වූ ධනංජනා සෙව්මිණි ප්‍රනාන්දු 6 වැනි ස්ථානයට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart