
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්ලොක්බස්ටර් ක්‍රියාදාම චිත්‍රපටයක් වන ‘ලියෝ’හි සාර්ථකත්වයෙන් පසු ඉන්දීය දෙමළ නළු තලපති විජේ චිත්‍රපට අධ්‍යක්ෂ වෙන්කට් ප්‍රභූ සමඟ එක්ව ඔහුගේ මීළඟ චිත්‍රපටය වන ‘තලපති 68’ සඳහා අත්වැල් බැඳගෙන ඇති අතර, එම චිත්‍රපටයේ රූගත කිරීම් ඉතා වේගවත්ව සිදුවෙමින් තිබෙන බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
චිත්‍රපටයේ නවතම තොරතුර වන්නේ, ‘තලපති 68’ හි හයිද්‍රාබාද් රූගත කිරීමේ කාලසටහන අවසන් වී ඇති බවයි.
‘තලපති 68’ චිත්‍රපටයේ මීළඟ රූගත කිරීමේ කාලසටහන ශ්‍රී ලංකාවේදී සිදුවනු ඇති අතර එය ජනවාරි දෙවන සතියේ ආරම්භ කිරීමට නියමිත බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තාකර තිබේ.
දැනට නියමිත කාලසටහන සැලසුම් කළ කාලයට පෙර අවසන් කර ඇති බවත්, චිත්‍රපට කණ්ඩායම ඔවුන්ගේ පවුල් සමඟ අලුත් අවුරුද්ද සැමරීමට විවේකයක් ගැනීමට නියමිත බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
විවේකයෙන් පසු ‘තලපති 68’ චිත්‍රපටයේ මීළඟ රූගත කිරීමේ කාලසටහන ශ්‍රී ලංකාවේදී සිදුවනු ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart