
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරුණු තායි රාජා හස්තියාගේද සෞඛ්‍ය තත්ත්වය දුර්වල වී ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
දැනට මහනුවර සිටින ‘ප්‍රතු ෆා’ (Pratu Pha) හෙවත් තායි රාජා ඇතා වයසින් වැඩි නිසා තායිලන්තයට ගෙන යෑමට නොහැකි බවද තායිලන්ත ජනමාධ්‍ය සඳහන් කරයි.
කෙසේවෙතත් මෙම ඇතාට මෙරටදී භාවිත කරන නම අදාළ වාර්තාවල සඳහන් කර නැත.
එහි ප්‍රතිඵලයක් ලෙස තායිලන්ත වෛද්‍ය කණ්ඩායමක් සති කිහිපයකින් ශ්‍රී ලංකාවට පැමිණ වෛද්‍ය පුහුණුව සහ සහාය ලබා දීමට අපේක්ෂා කරන අතර, එමඟින් ශ්‍රී ලාංකික විශේෂඥයන්ට මෙම සත්වයා සමඟ කටයුතු කිරීමට උපකාරී වනු ඇති බව පැවැසේ.
මේ අතර, පසුගියදා තායිලන්තයට රැගෙන ගිය සක් සූරීන් හෙවත් මුතු රාජා හස්තියා මේ වන විට එරට රැඳවුම් මධ්‍යස්ථානයක දින 30ක නිරෝධායනයකට ලක්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart