
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිවානයේ ජනාධිපතිවරණය ආසන්නයේ, තායිපේ වැසියන් ඡන්දය දිය යුත්තේ කාටද යන්න ගැන විවාද කරමින් සිටින බව වාර්තා වී තිබේ.
තුන්වන විශාලතම පක්ෂය වන තායිවාන් මහජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගැන සඳහන් කරමින් එම වැසියන් පැවසා ඇත්තේ, තරුණයන් සියල්ලෝම කෝ වෙන්-ජේට ඡන්දය දෙනු ඇති බවයි.
තායිවානයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින්නෙකු ලෙස සැලකෙන පාලක ඩිමොක්‍රටික් ප්‍රගතිශීලී පක්ෂයේ ලායි චිං-ටේ ජනාධිපති වුවහොත්, චීන ජනපති ඉදිරි දශකය තුළ තායිවානය ආක්‍රමණයක් දියත් කරන බවටද ඔවුහු අනුමාන කර තිබේ.
චීනය ආක්‍රමණය කළහොත් නැවත කිසි දිනෙක තායිවානයේ නිදහස් ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බවද එම පිරිස පැවැසීය.
කෙසේවෙතත්, ජනාධිපතිවරණය අවසන් වූයේ තායිවානයේ වත්මන් උප ජනාධිපති වන පාලක ඩිමොක්‍රටික් ප්‍රගතිශීලී පක්ෂයේ ලායි චිං-ටේ විරුද්ධ පක්ෂ අපේක්ෂකයන් දෙදෙනාද පරාජයට පත් කරමිනි.
මැතිවරණයේ අසාමාන්‍ය ලෙස ඉහළ ඡන්ද ප්‍රතිශතය 70%කට වඩා වැඩිවීමෙන් තායිවාන ජාතිකයන් ප්‍රජාතන්ත්‍රවාදයට සෘජුවම සහභාගී වීමට ඇති අයිතිය ක්‍රියාත්මක කිරීමට කෙතරම් අධිෂ්ඨානශීලීද යන්න පෙන්නුම් කළ බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart