
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 වසරේ සිට 2025 වසර දක්වා බංග්ලාදේශය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන කලාප තුනෙහි මාධ්‍ය විකාශන අයිතිවාසිකම් සඳහා වන ටෙන්ඩර් ආරාධනාව (ITT) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අද නිකුත්කිරීමට නියමිතය.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන කලාප වෙත පැමිණෙන්නේ ඉන්දියාව, එක්සත් රාජධානිය සහ අයර්ලන්තය, අමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව, උප සහරා අප්‍රිකානු කලාපය, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව ඇතුළු වෙළඳපොළ කිහිපයක මාධ්‍ය හිමිකම් ගිවිසුම් සාර්ථක ලෙස අවසන් කිරීමෙන් පසුවය.
පකිස්ථානයේ පිරිමි සහ කාන්තා තරග යන විකාශන අයිතිවාසිකම් දෙකම ඇතුළුව රූපවාහිනී සහ ඩිජිටල් අයිතීන් දෙකම ඒකාබද්ධ කරමින් පැකේජ දෙකක් තිබේ.
බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ එක් රූපවාහිනී සහ ඩිජිටල් ඒකාබද්ධ පැකේජයක් ලබා ගත හැකිය.
මෙම පැකේජ ලබන වසර අවසානය දක්වා කාන්තා ඉසව් තුනක් සහ පිරිමි ඉසව් තුනක් සඳහා අදාළ වේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ජෙෆ් ඇලර්ඩිස් පැවසුවේ, දකුණු ආසියාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන විකාශන වෙළඳපළ තුනක එනම් බංග්ලාදේශය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය විකාශන අයිතිවාසිකම් සඳහා ටෙන්ඩර් ආරාධනා නිකුත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වන අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඉසව් ලොව පුරා සිටින තවත් රසිකයන් වෙත ගෙන යෑමට මෙමගින් අවස්ථාව ලැබෙන බවයි.
ටෙන්ඩර් ආරාධනා අද නිකුත් කරනු ලබන අතර, ටෙන්ඩර් ලේඛන වෙත ප්‍රවේශ වීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් එය [email protected] විද්‍යුත් තැපෑලෙන් යැවිය යුතුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart