June 22, 2025

අමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කර පැය කිහිපයකට පසු ඉරානය ඊට ප්‍රතිචාර දැක්වීම ආරම්භ කර තිබේ.

විදෙස් ජනමාධ්‍ය පැවසුවේ, ඉරානය ඊශ්‍රායලය ඉලක්ක කර ප්‍රභල බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවයි.

X හි සටහනක, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව කියාසිටියේ “ඉරාන මිසයිල දියත් කිරීමක් හේතුවෙන් ඊශ්‍රායලය පුරා සයිරන් නාද වන” බවයි.

ඉරානය බැලැස්ටික් මිසයිල 20 කට වඩා එල්ල කර ඇති බව ද වාර්තා වේ.

ප්‍රහාර හේතුවෙන් ඉරානයේ නගර කිහිපයක ගොඩනැගිලි විනාශ වී ඇති අතර තුවාලකරුවන් ද වාර්තා වන බව සඳහන් වේ.