
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ සංචාරකයක් අතරතුර පාපැදි සවාරියකට සහභාගී වී අනතුරට ලක් වූ අයර්ලන්ත ජාතික කාන්තාවකට, එම සවාරිය සංවිධානය කළ බ්‍රිතාන්‍ය සමාගමට එරෙහිව නඩු පැවරීමට අයර්ලන්ත මහාධිකරණ අවසර ලබාදී ඇත.
2018 දෙසැම්බර් 30 වැනි දින සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ, අයර්ලන්තයේ කෝක් මිඩ්ල්ටන්හි ගුරුවරියක් වන ඈන් කේසිගේ (59) අස්ථි බිඳී, අත්වලට සහ පපුවට තුවාල සිදු වී ඇත.
ඇය මහනුවර සිට ගමන් කරමින් සිටි සංචාරක පාපැදි කණ්ඩායමක සාමාජිකාවක් වූ අතර, ආරක්ෂිත ක්‍රම පිළිබඳව නිසි උපදෙස් ලබාදීමට සංවිධායකයන් අසමත්වීම සහ උපද්‍රව පිළිබඳව නිසි ලෙස සන්නිවේදනය කිරීමට අපොහොසත්වීම හේතුවෙන් මාර්ගයේ තිබූ වළක වැටී ඇය බයිසිකලයෙන් විසිවී ඇත.
මීට එම පාපැදි සංචාරය සංවිධානය කළ ලන්ඩනයේ රෙඩ්ස්පෝක්ස් ඇඩ්වෙන්චර් ටුවර්ස් සමාගමට එරෙහිව තමා නඩු පැවරූ නමුත්, එය ප්‍රතික්ෂේප වූ බවද ඇය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart