
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාසල් වේලාවේ දී 53 හැවිරිදි ගුරුවරයකු තොරතුරු තාක්ෂණ කාමරයට රැගෙන ගොස් නිරුවත් ඡායාරූප පෙන්වූ බවට සිසුවකු විසින් කරන ලද පැමිණිල්ල විභාග කළ තෙල්දෙණිය පොලිසිය ගුරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් පාසලක තොරතුරු තාක්ෂණ කාමරයේ ලැප්ටොප් පරිගණකයෙන් 12 හැවිරිදි සිසුවාට නිරුවත් ඡායාරූප පෙන්වා ඇත්තේ මඩපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ගුරුවරයෙකි.
සැකපිට අත්අඩංගුවට ගත් ගුරුවරයා එම පාසලේ 12 හැවිරිදි තවත් සිසුවකු නෙල්ලි ඇහිඳීමට කියා විදුහල්පති නේවාසිකාගාරය ආසළ ඇති කැලෑවකට රැගෙන ගොස් තිබෙන බවත්, එම අවස්ථාවේ බිම තිබූ බෝතල් කටුවකට කැපී සිසුවාගේ අතකට මැහුම් තුනක් දමා තිබෙන බවත්, ප්‍රකාශ කරමින් එම සිසුවාගේ මව ද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ තෙල්දෙණිය පොලිසිය පාසලේ තොරතුරු තාක්ෂණ කාමරයේ ඇති ලැප්ටොප් පරිගණකය පොලිස් භාරයට ගෙන සිදුකළ පරීක්ෂාවකින් පසු අදාළ ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අගතියට පත් පාසල් සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart