
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ නාගපට්ටිනම් සහ කන්කසන්තුරේ අතර මගී යාත්රා සේවාව සඳහා රුපියල් මිලියන 25කට අධික මුදලක් අදාළ බදු සහ අනෙකුත් ගාස්තු සඳහා වන පිරිවැය වශයෙන් වසරක කාලයක් සඳහා දැරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.
ඉන්දියානු නැව් සංස්ථාව විසින් 2023 ඔක්තෝම්බර් මාසයේදී දියත් කරන ලද මගී යාත්රා සේවාව 2024 මැයි 13 වන දින යළි ආරම්භ කිරීමට නියමිතය.
එය ශ්රී ලංකා රජය සමඟ සාකච්ඡා කර ඉන්දියානු නැව් සංස්ථාව විසින් තෝරා ගන්නා ලද IndSri Ferry Services නම් පෞද්ගලික ක්රියාකරුවකු විසින් මෙහෙයවනු ලැබේ.
මෙම සේවාව මගීන්ට දැරිය හැකි මිලකට සහ ආකර්ශනීය බවට පත්කිරීම සඳහා, අදාළ බදු සහ අනෙකුත් ගාස්තු සඳහා වන පිරිවැය වෙනුවෙන් වසරක කාලයක් සඳහා මසකට රුපියල් මිලියන 25 කට වැඩි මුදලක් දැරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.
එමෙන්ම ශ්රී ලංකාවේ සිට මගී යාත්රාවලින් සහ නැව්වලින් පිටවන මගීන්ගෙන් දැනට අයකරනු ලබන අපගමන බද්ද රජය විසින් අඩුකර ඇත.
මීට පෙර ණය රේඛාවක් යටතේ සිදු කිරීමට බලාපොරොත්තු වූ කන්කසන්තුරේ වරාය වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියානු රජය විසින් ශ්රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 63.65 ක ප්රදානයක් ද පිරිනමා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart