
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔලිම්පික් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වී මෙයට දින තුනකට පෙර පැරිසියෙන් ශ්‍රී ලංකාව බලා පිටත්ව ආ මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ඉදිරි මාස දෙකක පමණ කාලයකදී ක්‍රීඩා පුහුණුවට හා කළමනාකරණ උපාධියක් හැදෑරීම සඳහා අමෙරිකාව බලා පිටත්වීමට සූදානම් වෙයි.
විශ්වවිද්‍යාල කිහිපයකින්ම ඇයට ඇතුළත් වීමේ අවස්ථා ලැබී තිබුණද ක්‍රීඩාව හා අධ්‍යාපනය යන අංශ දෙකම කළ හැකි ස්ථානයක් තෝරාගත් බව තරුෂි කරුණාරත්න ‘දිනමිණ’ට පවසා ඇත.
එම අමෙරිකානු විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පුහුණුවීම් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසාදීමට එකඟතාව පළකර ඇති හෙයින් එය වඩාත් සුදුසුම ස්ථානය බවට හඳුනාගත් බවද ඇය පවසා ඇත.
මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රිඩා උලෙළේ මීටර් 800 මූලික වටයේ තරගයට එක්වූ තරුෂි කරුණාරත්න මිනිත්තු 2:07.76කින් තරගය නිමකළ අතර, අවසන් පූර්ව වටයට ඍජුව සුදුසුකම් ලබානොගත් හෙයින් යළි ‘රිපිචේජ් වටයේදී’ මිනිත්තු 2:06.66ක කාලයක් වාර්තා කළාය.
ආසියානු රන් පදක්කම දිනූ තරුෂි කරුණාරත්නගේ පැරිස් ඔලිම්පික් ධාවනය ලොව අතිදක්ෂ ක්‍රීඩිකාවන් අතුරින් එලෙස නිමාවට පත්විය.
21 හැවිරිදි තරුෂිගේ මෙතෙක් හොඳම පෞද්ගලික දක්ෂතාව මිනිත්තු 2:00.66ක් වුවද එය ඉක්මවා යෑමට හෝ හැකියාවක් උදානොවූ බැවින් තමාට යම් කණගාටුවක් පවතින බව ඇය ප්‍රකාශ කර තිබේ.
“මුලින් මගේ ඉලක්කය වුණේ පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගැනීමයි. ඒ වෙනුවෙන් ගොඩක් කැපවීම් කළා. ක්‍රීඩාව වගේම ඉගෙනගන්නත් මට අවශ්‍යයි. අමෙරිකාවේ හිටියත් දේශීය තරගවලට හා ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්න මා එනවා” තරුෂි පවසා ඇත.
තරුෂි ආසියානු ක්‍රීඩා උලෙළකදී වසර 21 කට පසු රන් පදක්කමක් දිනාගැනීමෙන් අනතුරුව රටවල් ගණනාවක විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව සඳහා ආරාධනා කර ඇත.
ඇයට අවශ්‍ය අමෙරිකා වීසා පහසුකම් ලබා ගැනීමට මේ දිනවල කටයුතු කරමින් සිටින බව වාර්තා සඳහන් කරයි.
ඇයගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු පවසා ඇත්තේ, ඔලිම්පික්වලින් පසු සුපුරුදු පරිදි දිගන ක්‍රීඩාංගණයේදී තරුෂි පුහුණුවීම් ආරම්භ කරන බවයි.
ඇය අමෙරිකාවට ගියද විදේශීය පුහුණුකරුවන්ගේ සේවය ලබාගැනීමේ අවශ්‍යතාවක් නැති බව ඔහු පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart