
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගත් රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ ඉන්දීය ධීවරයින් නවදෙනා සහ ඔවුන්ගේ යාන්ත්‍රික ධීවර යාත්‍රාව වහා නිදහස් කරගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමැති සී. ජෝසප් විජේ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් වෙත හදිසි ලිපියක් යොමු කර තිබේ.
මෙලෙස ඉන්දීය ධීවරයන් නිතර අත්අඩංගුවට පත්වීමේ සිදුවීම් හේතුවෙන් විපතට පත් ධීවර පවුල් මෙන්ම සමස්ත ධීවර ප්‍රජාවම දැඩි පීඩාවට පත්ව සිටින බව ඔහු එමගින් අවධාරණය කර තිබේ.
මෙම සිදුවීම පිළිබඳ තමා දැඩි කනගාටුව පළකරන බවත් මහ ඇමැතිවරයා එම ලිපිය මගින් පෙන්වා දී ඇත.
එබැවින් ශ්‍රී ලංකා රජය සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වහා සාකච්ඡා පවත්වා අත්අඩංගුවේ පසුවන ධීවරයින් සහ ඔවුන්ගේ ධීවර යාත්‍රාව ඉක්මනින් නිදහස් කරගැනීමට පියවර ගන්නා ලෙස ඔහු විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.
තමිල්නාඩු ධීවර ප්‍රජාවගේ සුභසාධනය, විශ්වාසය සහ මානසික සුවය තහවුරු කිරීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සක්‍රීය හා කඩිනම් මැදිහත්වීම අත්‍යවශ්‍ය බව මහ ඇමැති විජේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.




Adding {{itemName}} to cart
Added {{itemName}} to cart