
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ දුක්ඛිත තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඊට හේතුවී ඇත්තේ ගල්ගසා මරාදැමීමේ නිතිය යළි බලගැන්වීමට තලේබාන් සංවිධානය තීරණය කිරීමයි.
තලේබාන් කණ්ඩායමේ උත්තරීතර නායක හිබතුල්ලා අකුන්සාඩා ප්‍රකාශ කර ඇත්තේ, “කාන්තාවන්ට ප්‍රසිද්ධියේ ගල් ගසා මරාදැමීම ආරම්භ කරන බවට” දෙවියන් වහන්සේගේ නාමයෙන් දිව්රුම් දුන් බවයි.
2021 සිට යළි රට පාලනය කළ තලේබාන් සංවිධානය මේ වන විටත් ප්‍රසිද්ධියේ කස පහරවල් සහ මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇත. සොරකම්, මංකොල්ලකෑම් වැනි අපරාධ සඳහා මෙම ම්ලේච්ඡ දඬුවම් නියම කෙරේ.
දැන්, අකුන්සාඩා පණිවිඩයක් මගින් පවසා ඇත්තේ අනාචාරයේ යෙදෙන කාන්තාවන්ට ගල් ගසා මරාදමන බවයි.
තලේබාන් පාලනය යටතේ පවතින රාජ්‍ය ජනමාධ්‍ය විසින් නිකුත් කරන ලද එම පණිවිඩයේ ඔහු බටහිර රටවල් අමතමින්, “අපි අනාචාරයට දඩුවම ඉක්මනින් ක්‍රියාත්මක කරන්නෙමු. අපි කාන්තාවන්ට ප්‍රසිද්ධියේ කස පහර දෙමු. අපි ප්‍රසිද්ධියේ ගල් ගහලා මරමු. මේ සියල්ල ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි නමුත් අපි එය දිගටම කරගෙන යන්නෙමු.” යැයි අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart