
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අවිස්සාවේල්ල තල්දූව ‘හෝස් හිල්’ ධාවන පථයේදී පවත්වන ලද ‘තල්දූව හිල් ක්ලයිම්බ් 4×4’ ධාවන තරගාවලිය පසුගිය සති අන්තයේ සාර්ථක ලෙස අවසන් විය.
ශ්‍රී ලංකාවේ ‘ඕෆ් රෝඩ්’ මෝටර් රථ ධාවන ක්‍රීඩාවේ ප්‍රමුඛතම සමාජයක් වන ‘ද ස්කෝපියන්’ සමාජය මගින් සංවිධානය කළ මෙම තරගාවලිය මෑතකදී ඉදිකිරීම් නිමා කරන ලද තල්දූව ‘හෝස් හිල්’ ධාවන පථයේ පවත්වන ලද පළමු තරගාවලිය මෙය වේ.
මාර්තු 23 සහ 24 දෙදින පුරා පැවැති තරගාවලියේ එක්ස්ට්‍රීම්, ස්ටෑන්ඩර්ඩ්, ස්ටෑන්ඩර්ඩ් මොඩිෆයිඩ් සහ ඒ.ටී.වී. යන කාණ්ඩ 4 යටතේ තරග පැවැත්විණි.
එහිදී ස්ටෑන්ඩර්ඩ් මොඩිෆයිඩ් කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ගයාන් ලියනආරච්චි සමත්විය.
‘ද ස්කෝපියන්’ සමාජය සංවිධානය කරන මීළඟ තරගාවලිය තල්දූව ‘හෝස් හිල්’ ධාවන පථයේදීම අගෝස්තු මාසයේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව සංවිධායකයෝ පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart