
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රීවරයකු ලෙස නයිනා තම්බි මරික්කාර් මොහොමඩ් තාහිර් කථානායක ජගත් වික්රමරත්න ඉදිරියේ අද (05) දිවුරුම් දුන්නේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුහම්මතු ඉස්මයිල් මුත්තු මොහොමඩ්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව නොවැම්බර් 28 වැනිදා සිට එම මන්ත්රී ධුරය සඳහා පුරප්පාඩුව පැවතිණි.
එම පුරප්පාඩුව පිරවීම සඳහා සමගි ජන බලවේගය විසින් තාහිර් නම් කරන ලදී.
ඒ අනුව, 1988 අංක 35 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනතේ 6 වැනි වගන්තිය මගින් සංශෝධනය කරන ලද 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(5) වගන්තිය ප්රකාරව, නයිනා තම්බි මරික්කාර් මොහොමඩ් තාහිර් පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස ප්රකාශයට පත් කරමින් මැතිවරණ කොමිසම අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
ගැසට් පත්රය නිකුත් කිරීමෙන් පසුව දිවුරුම් දීමත් සමඟ, තහීර් සමගි ජන බලවේගය නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්රීවරයකු ලෙස නිල වශයෙන් රාජකාරි භාරගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart