
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
T 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (17) පැවැති තරගය ලකුණු 83කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙය මෙවර කොළ කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසාන තරගය වේ.
පළමු වටයේ පැවැති තරග දෙකකින් පරාජය වී ඉතිරි තරගයට වර්ෂාව හේතුවෙන් බාධාවූ බැවින් ශ්‍රී ලංකාවට අවසන් 8දෙනාගේ වටයට එක්වීමට අවස්ථාව අහිමිවිය.
අද තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 201ක් රැස්කළේය.
එහිදී කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46 බැගින් රැස්කළහ.
ඇන්ජලෝ මැතිව්ස් පන්දු 15කදී නොදැවී ලකුණු 30යි.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දු ඕවර 16.4කදී සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 118ක් පමණි.
පන්දු යැවීමෙන් නුවන් තුෂාර කඩුලු 3ක් දවා ගත් අතර මතීෂ පතිරණ සහ වනිඳු හසරංග කඩුලු 2ක බැගින් දවාගත්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart