
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව ජයගත් ඉන්දීය ජාතික කණ්ඩායම, ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඔවුන් මුහුණ දුන් පළමු පන්දුවාර විස්ස තරගය සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලකුණු 13කින් පරාජය වි තිබේ.
දෙරට අතර තරග 05කින් සමන්විත මෙම පන්දුවාර 20 තරගාවලිය සදහා පන්දුවාර විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයට සහභාගි වූ සම්පූර්ණ ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා නොකරන අතර නායකත්වයේ වගකීම උසුලන්නේ සුබ්මන් ගිල් විසිනි.
ඒ අනුව ඊයේ හරාරේ හි පැවැති පළමු තරගයේදී ඉන්දීය කණ්ඩායමේ ආරධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 09ට ලකුණු 115ක් රැස්කරන ලදී.
රවි බිෂොනි කඩුලු 04ක් දවා ගත්තේය.
කෙසේවෙතත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 05ක් තුළ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 102ක් පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart