
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙවර T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සංශෝධිත තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර තිබේ.
ඒ අනුව, තරගාවලිය ඔක්තෝබර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා ඩුබායි සහ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.
සංශෝධිත තරග කාලසටහන අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන පළමු තරගය පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග තරගාවලිය ආරම්භක දිනයේදි සාජාහිදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඉන්දියාව සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම් අතර තරගය ඔක්තෝබර් 06 වැනිදා ඩුබායිහි පැවැත්වේ.
මෙවර තරගාවලිය තුළ තරග 23ක් පැවැත්වීමට නියමිතව ඇත.
අවසන් මහා තරගය ඩුබායිහිදී පැවැත්වේ.
අවසන් පුර්ව සහ අවසන් මහා තරග සදහා අතිරේක දින ලබා දී ඇත.
ඉන්දිය කාන්තා කණ්ඩායම යම් හෙයකින් අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලැබුවහොත් ඔවුන්ට පළමු අවසන් පුර්ව තරගයට ක්‍රීඩා කිරීමට සංශෝධිත තරග කාලසටහනින් අවස්ථාව දී තිබුණත් වෙනත් රටක කණ්ඩායමක් සඳහා එම අවස්ථාව ලබා දි නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart