
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා දින 20ක් ඉතිරිව තිබියදී ICC විසින් සුපිරි මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් තිදෙනෙකු ඇතුළත් නිල ප්‍රචාරක වීඩියෝව දියත් කර තිබේ.
ICC කාන්තා T20 ලෝක කුසලානයේ නවවැනි තරාගවලිය සඳහා ඇත්තේ සති තුනකටත් අඩු කාලයකි.
මෙම තරගාවලියේ ආරම්භය සැමරීම සඳහා ICC විසින් ඉන්දීය නායිකා Harmanpreet Kaur, එම කණ්ඩායමේම Shafali Verma සහ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු වැනි සුපිරි ක්‍රීඩිකාවන් රංගනයෙන් දායක වන ‘Whatever it takes’ ප්‍රචාරක වීඩියෝ මාලාවක් දියත් කරන ලදී.
මෙමගින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට උත්තේජනයක් සපයන අතර විශාල සාර්ථකත්වයන් සහ ඊටත් වඩා විශාල අභියෝග ජය ගනිමින් පැමිණි ඔවුන්ගේ ආශ්වාදජනක ගමන් ප්‍රදර්ශනය කරයි.
තරගාවලිය ඔක්තෝබර් 3 සිට 20 දක්වා පැවැත්වෙනු ඇත.
ICC කාන්තා T20 ලෝක කුසලානය T20 ආකෘතියේ උච්චතම අවස්ථාව වේ.
ලොව හොඳම ක්‍රීඩිකාවන් ඔක්තෝබර් මාසය පුරා ඩුබායි සහ සාජා හි ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් ICC අලෙවි සහ සන්නිවේදන සාමාන්‍යාධිකාරී ක්ලෙයාර් ෆර්ලෝන්ග් පැවසීය.
‘Whatever it takes’ ව්‍යාපාරය ICC කාන්තා ක්‍රිකට් සම්බන්ධ ආත්මය සහ අරමුණු මූර්තිමත් කරන අතර එය ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අතර දැනුවත්භාවය වැඩි දියුණු කිරීම මගින් කාන්තා ක්‍රීඩාව වර්ධනය කිරීම අරමුණු කරයි.
දින 18ක් පුරා පැවැත්වෙන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා යන ස්ථාන දෙකකදී පැවැත්වේ.
කණ්ඩායම් 10 බැගින් කාණ්ඩ පහකට බෙදා ඇති අතර, එක් කාණ්ඩයකින් පළමු කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට ක්‍රීඩා කිරීමට නියමිතය.
අවසන් පූර්ව තරග ඔක්තෝබර් 17 (ඩුබායි) සහ ඔක්තෝබර් 18 (සාජා) පැවැත්වෙන අතර අවසන් මහා තරගය ඔක්තෝබර් 20 වැනිදා ඩුබායිහිදී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart