
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව තරගයකට පිවිසිමට පෙරළිකාර ඇෆ්ගනිස්ථා ක්‍රිකට් කණ්ඩායම අද සමත්විය.
ඒ පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට වටයේ බංග්ලාදේශයට එරෙහිව අද පැවැති තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු අටක ජයක් ලබාගනිමිනි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවි රැස්කර ගත්තේ ලකුණු 115ක් පමණි.
අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදි විටින් විට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වු අතර, ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සදහා පන්දුවාර 19කදී ලකුණු 114ක ඉලක්කයක් ලබාදෙන ලදී.
කෙසේවෙතත් ඇෆ්ගනිස්ථාන ප්‍රබල පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ ඉනිම පන්දුවාර 17යි පන්දු 05කදි ලකුණු 105කට සීමාකෙරිණි.
ඒ අනුව පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයට පිවිසි ඇෆ්ගනිස්ථා කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග අනිද්දා තරග වදිනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart