
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (05) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි දැවැන්ත පහළ යාමක් වාර්තා වී තිබේ.
මෙහිදී දින 91 බිල්පත්වල ඵලදා අනුපාතිකය සටහන් වූයේ සියයට 17.79ක් ලෙසයි.
පෙර වෙන්දේසියේ දී එම අනුපාතය සියයට 23ක් විය.
දින 182 බිල්පත් ඵලදා අනුපාතිය 19.49% සිට 15.93% ක් දක්වා සහ දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය 16.99% සිට 13.86% ක් දක්වා ත් පහළ ගොස් තිබේ.
මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 140,000ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා රු. මිලියන 252,525ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණි.
එහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 140,000ක බිල්පත් සඳහා ලංසු පිළිගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.
දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වෙළෙඳපොළේ පැවැති අවිනිශ්චිත තත්ත්වය පහව යෑම භාණ්ඩාගාර බිල්පත් පොලිය පහළ යෑමට හේතු විය.
මේ අතර මහබැංකු මුදල් මණ්ඩලය අද පස්වරුවේ රැස්විය.
එහිදී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඇතුලු මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ තීන්දු කිහිපයක් ගැනීමට නියමිතව ඇති අතර ඒ සම්බන්ධයෙන් හෙට (ජුනි 06) පෙරවරුවේ දැනුම් දෙන බව ශ්‍රී ලංකා මහබැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
උද්ධමනය සැලකිය යුතු ලෙස අඩුවීම සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අවිනිශ්චිතතා පහව යෑම වැනි සාධක සැලකිල්ලට ගැනීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික පහළ යෑමක් වෙළෙඳ පොළ අපේක්ෂාවෙන් සිටී.
මුදල් මණ්ඩල තීරණ දැනුම්දීමට නියමිතව තිබුණේ ජුලි 13 වැනිදා වුවද ඊට සතියකට පෙර එම තීරණ දැනුම් දීමට මහබැංකුව තීරණය කර තිබේ.
පසුගිය මැයි මස 31 වැනි දින රැස් වූ අවස්ථාවේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළේය.
එහිදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 13.00 සහ සියයට 14.00 දක්වා පදනම් අංක 250කින් අඩු කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart