February 5, 2026

‘කුෂ් කංසා’ කිලෝග්‍රෑම් 1ක් මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ 12 හි පදිංචි 34 හැවිරිදි සැකකරු මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට පැමිණි ගුවන් යානයකින් අලුයම 12:50ට පමණ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට ගොඩ බැස ඇත.

රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් මෙම මත්ද්‍රව්‍ය තොගය පාර්සල්වල අසුරා ඔහුගේ ගමන් මලු තුළ සඟවා තිබී ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් කොළඹ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයට භාර දී තිබේ.

සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.