September 9, 2025

හිටපු ජනාධිපතිවරුන්ගේ ඇතැම් වරප්‍රසාද අහෝසි කිරීමට අපේක්ෂා කරන ‘ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.