
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් ශ්‍රීලංකන් ගුවන් සේවය මිලදී ගැනීමට කැමැත්ත පළකර ඇති එක් ලංසුකරුවකු බව නිවේදන කර තිබේ.
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් යනු කටාර් ෂෙයික්ගේ පෞද්ගලික ආයෝජන අංශයක් සහ ඉන්දීය සමාගමක අනුග්‍රහය ලබන සමූහයකි.
ව්‍යාපාරික ආර් එම් මනිවන්නන් සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් හා සම්බන්ධව සිටී.
නිවේදනයක් නිකුත්කරමින් සුප්‍රීම් ග්ලෝබල් පැවසුවේ මෙම ආයතනය කටාර්හි ෂෙයික් නයෙෆ් බින් ඊද් අල් තානිගේ ආයෝජන අංශය වන MBS ඉන්වෙස්ට්මන්ට්ස් සහ කලින් SunEdison Energy India Private Limited ලෙස හැඳින්වූ Sherisha Technologies Private Limited ඇතුළු එකතුවක් පිහිටුවා ඇති බවයි.
ආර්ථික අර්බුදයෙදී සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබාදී ඇති අතර තෙල් සඳහා ගෙවීම් රුපියල්වලින් පිළිගෙන ඇති බව ද සමාගම ප්‍රකාශ කළේය.
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් කටාර් අරමුදලක් සම්බන්ධ කර ගැනීම වඩා හොඳ මූල්‍ය ස්ථාවරත්වයකට සහාය වනු ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart