
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් රංගනයෙන් දායක වූ ප්‍රකට හින්දි චිත්‍රපටයක් වන Raanjhanaa හි දෙමළ චිත්‍රපටය වන අම්බිකාපති (Ambikapathy) නැවත ප්‍රදර්ශනය කිරීමේදී AI තාක්ෂණය මගින් අවසානය සංස්කරණය කිරීම සුපිරි කොලිවුඩ් නළු ධනුෂ් විවේචනය කර තිබේ.
එහෙත් ඊට අදාළ නිෂ්පාදන සමාගම එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ප්‍රකාශයක් නිකුත් කරමින් Eros International Media Limited කියාසිටියේ මෙම සංශෝධන සම්බන්ධයෙන් ධනුෂ් දැනුවත් කළ බව සහ ඔහු අම්බිකාපති චිත්‍රපටය නැවත නිකුත් කිරීමට පෙර කිසිදු විධිමත් විරෝධතාවක් ඔවුන්ට දන්වා නොමැති බවත්ය.
නව අනුවාදය නීත්‍යානුකූල හා නිර්මාණාත්මක නැවත අර්ථකථනයක් මිස ප්‍රතිස්ථාපනයක් නොවන බවත්, කෘත්‍රිම බුද්ධිය භාවිත කළේ චිත්‍රපටය නරඹන්නන්ට වඩා පැහැදිලිව දර්ශනය කිරීමට බව ද සමාගම පවසයි.
එය හුදෙක් ප්‍රේක්ෂකයන් සඳහා නැවුම් මානයන් ලබාදීමේ අවශ්‍යතාව මත සිදුකරන ලද්දක් පමණක් වන අතර, කිසිවිටෙකත් චිත්‍රපටයේ මුල් සාරය යටපත් කිරීමට අදහස් නොකළ බවත් සමාගම පවසා තිබේ.
කෙසේවෙතත් AI සහාය ඇතිව නැවත නිකුත් කිරීම දැනටමත් චිත්‍රපටයේ අධ්‍යක්ෂක ආනන්ද් එල් රායිගේ ද විවේචනයට ලක්ව තිබේ.
එමෙන්ම ධනුෂ් පවසන්නේ චිත්‍රපට හෝ වෙනත් අන්තර්ගතයන් වෙනස් කිරීමට AI භාවිතා කිරීම සිනමාවේ උරුමයට තර්ජනයක් බවයි.
ඒ කලාකරුවන් දැඩිව සැලකිලිමත් විය යුතු බව ද ධනුෂ් පවසයි.
ඉදිරියේදී එවැනි භාවිතයන් වැළැක්වීම සඳහා දැඩි රෙගුලාසි සම්පාදනය කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද ධනුෂ් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart