
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැති 2025 ග්‍රැමී සම්මාන උළෙලේදී උද්ගත වූ මතභේදාත්මක තත්ත්වයක් සම්බන්ධයෙන් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
සම්මාන උළෙල පැවැත්වුණේ ලොස් ඇන්ජලිස් හි Crypto.com Arena හිදීයි.
එහිදී සම්මාන සඳහා නිර්දේශ වී සිටි සුප්‍රකට ගායක ගායිකාවන් රැසක් සහභාගී වී සිටි අතර වැඩි අවධානයක් යොමුවුණේ ගායක කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳ බියන්කා සෙන්සෝරි වෙතයි.
මතභේදයට තුඩු දුන් 47 හැවිරිදි රැප් ගායකයා සහ ඔහුගේ බිරිඳ වන 30 හැවිරිදි ඕස්ට්‍රේලියානු නිරූපිකාව ග්‍රැමී සම්මාන උළෙලේ රතු පලස මතට පැමිණියේ කළු ඇඳුමින් සැරසී ය.
කෙසේවෙතත්, සෙන්සෝරි රතු පලස මතදී ඇගේ කළු කබාය ඡායාරූප ශිල්පීන් ඉදිරියේ ඉවත් කළ අතර එහිදී ඇය ඉතා දුහුළු කුඩා ඇඳුමකින් සැරසී සිටිය නමුත් එය දිස්වූයේ සම්පූර්ණයෙන්ම නිරුවත් පෙනුමකිනි.
එහිදී ඇති වූ ව්‍යාකූලතාවය හේතුවෙන් ආරක්ෂක නිලධාරීන් ඔවුන් දෙපළ එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart