
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද රාත්‍රියේ සුපිරි සඳක් දිස්වන බවත්, එය සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයකුට වඩා සැලකිය යුතු ලෙස විශාල හා දීප්තිමත් ලෙස දිස්වන බවත් ආතර් සී. ක්ලාක් ආයතනය නිවේදනය කරයි.
සුපිරි සඳ සාමාන්‍ය ප්‍රමාණයට වඩා14% ක් පමණ විශාල වන අතර දළ වශයෙන් 30% ක් පමණ වැඩිපුර දීප්තිමත්ව බබළන බව එම ආයතනය පවසයි.
චන්ද්‍රයාගේ ඉලිප්සාකාර කක්ෂය එය පෘථිවියට සමීප වන විට මෙවැනි අවස්ථාවක් දැකබලා ගතහැකි වන අතර, මෙවර කිලෝමීටර් 356,980 ක් පමණ දුරින් එය සමීප වේ.
ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නේ, එවැනි සිදුවීම් වසරකට කිහිපවතාවක් සිදුවිය හැකි බවයි.
වසරේ විශාලතම සුපිරි සඳ දිස්වන වන අද පූර්ණ චන්ද්‍රයා වෙරළබඩ ප්‍රදේශවල සාමාන්‍යය දිනවලට වඩා වැඩි වඩදිය හා බාදිය ඇති කළ හැකිය.
පූර්ණ සහ නව සඳ අදියර දෙකෙහිම සුපිරි සඳ දිස්විය හැකියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart