
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයක් ඇතැම් පිරිස් වරදවා වටහාගෙන ඇති බවත්, තමා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ප්‍රියකරන බවත් දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් නායක ඒබී ඩි විලියර්ස් (AB de Villiers) පවසයි.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළකරන ලද වීඩියෝවක AB de Villiers කියා සිටියේ එය“ශ්‍රී ලංකාවේ ඕෆ් සීසන්” බව සඳහන් කරමින් ඔහු කළ ප්‍රකාශයක් වරදවා වටහාගෙන ඇති බවයි.
මීට වසර 5-6 කට පමණ පෙර තමන් මෙම ප්‍රකාශය කළ බවත්, එයින් ශ්‍රී ලංකාව රටක් ලෙස හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෙස අපකීර්තියට පත්කිරීමට අදහස් නොකළ බවත් ඔහු සඳහන් කරයි.
පසුගියදා පැවති ටෙස්ට් තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායම පරාජයට පත්කිරීමට සමත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සුබපතමින් ඒබී ඩිවිලියර්ස් ප්‍රකාශ කර ඇත්තේ,විශේෂයෙන්ම කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ මුත්තයියා මුරලිදරන් වැනි ක්‍රීඩකයන් කණ්ඩායමේ සිටි කාලයේ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපරිම ගෞරවයක් දැක්වූ බවයි.
තමන් ශ්‍රී ලාංකික ජනතාවට, වෙරළ තීරයන්ට සහ කොළඹ අවන්හල්වල කකුළුවන් ව්‍යංජනවලට ආදරය කරන බවද හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart