
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්තයෙන් බිහිවු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.
මේ වන විට ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බදුන ටෙස්ට් තරගාවලියේ ලන්ඩන් ඕවල් හි පැවැත්වෙන අවසන් තරගාවලියෙන් පසු සමුගන්නා බව බ්‍රෝඩ් පවසා ඇත.
ලොව ටෙස්ට් ඉතිහාසයේ කඩුලු 600ට වැඩියෙන් ලබාගත් පන්දු යවන්නන් අතර පස්වන ස්ථානයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් පසුවෙි.
ස්ටුවර්ට් බ්‍රෝඩ් ටෙස්ට් තරග 167කදි කඩුලු 602ක් බිඳහෙළා තිබෙන අතර, ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලබාගත් දෙවන වේග පන්දුයවන්නා වන්නේ ඔහු වේ.
ලොව වැඩිම ටෙස්ට් කඩුලු බිඳහෙළූ පන්දු යවන්නන් අතර සිටින බ්‍රෝඩ්ට ඉදිරියෙන් පසුවන වේගපන්දු යවන්නා වන වන්නේ එංගලන්තයේ ජෙම්ස් ඇන්ඩර්සන්ය.
ඔහු ටෙස්ට් තරග 183කදි කඩුලු 690ක් බිඳහෙළා වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර තුන්වන ස්ථානයේ පසුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart