
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිකුරාදා ‘බොරු චෝදනා’ යටතේ තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීම හෙළාදකිමින් වෙරළබඩ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ ධීවර සංගම් වහාම ක්‍රියාත්මක වන පරිදි දින නියමයක් නොමැතිව වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
මාර්තු 21 වැනිදා (බ්‍රහස්පතින්දා) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රාමේෂ්වරම් සහ තංගචිමඩම් ප්‍රදේශයේ ධීවරයින් 32 දෙනෙකු නෙඩුන්තීව්හිදී සහ මන්නාරම පෝක් සමුද්‍ර සන්ධියේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමිල්නාඩුවේ හදිසි රැස්වීමක් කැඳවා තිබිණි.
එම පුද්ගලයින් 32 දෙනාම රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, ට්‍රෝලර් යාත්‍රා පහක් ද ශ්‍රී ලංකා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ තත්ත්වය යටතේ තමිල්නාඩු ධීවර සංගම් මෙහිදී රැස්වී ගැටලු සාකච්ඡා කර තිබේ.
රැස්වීමේ සිටි බොහෝ සාමාජිකයින් මෙම තත්ත්වය ඵලදායි ලෙස හසුරුවා නොගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයට දොස් පවරා තිබේ.
මේ වසරේ ජනවාරියේ සිට අඛණ්ඩව ශ්‍රී ලංකාව විසින් ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම් 150 ඉක්මවා සිදුකර ඇති අතර ට්‍රෝලර් යාත්‍රා 30 ක් පමණද අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රකාශ වී ඇත.
මෙම තත්වයන්ට විරෝධය පළකරමින් වැඩවර්ජනය ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart