
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩිකා වෙන්දේසියේදී මෙවර ඇදහිය නොහැකි දර්ශන කිහිපයක් දැකගත හැකි විය.
රටවල් 15ක් නියෝජනය කරමින් මෙවර වෙන්දේසියට ඉන්දියානු ක්‍රීඩිකාවෝ 104ක් සහ විදේශීය ක්‍රීඩිකාවෝ 61ක් ඇතුළුව ක්‍රීඩිකාවෝ 165ක් ඉදිරිපත්ව සිටිති.
වෙන්දේසියේ එක් විශේෂත්වයක් වූයේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා කෂ්වී ගෞතම් රුපියල් කෝටි 02ක දැවැන්ත මුදලකට ගුජරාට් ජයන්ට්ස් (GG) විසින් මිලදී ගැනීමයි.
ඕස්ට්‍රේලියානු කාන්තා තුන් ඉරියව් ක්‍රීඩිකා ඇනබෙල් සදර්ලන්ඩ් ද දිල්ලි කැපිටල්ස් විසින් රුපියල් කෝටි 02කට ලබාගනු ලැබීය.
කෙසේවෙතත්, පුදුම සහගත ලෙස ගැනුම්කරුවන් ලබානොගත් තරු ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ද සිටි බව දැකගත ගැහි විය.
ඒ අතුරින් පෙරමුණේ පසුවන්නේ පසුගිය ඕස්ට්‍රේලියා ලීග් තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූ ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු ය.
බොහෝ ක්‍රිකට් විශේෂඥයන් මේ සම්බන්ධයෙන් සිය විමතිය පළකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart