
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෞද්ගලික වාහන ආනයනයට අදාළ අවශ්‍ය තොරතුරු සම්බන්ධයෙන් මේ වන විට අවසානයකට පැමිණ නොමැති බවත්, නුදුරේ දීම එම තීරණය ගන්නා බැවින්, නොබෝ දිනකින් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ප්‍රකාශ කළ හැකිවනු ඇති බවත මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි.
ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති ජනමාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.
“ඒ තුළින් පැති කිහිපයක් බලලා තමයි මේකට අවශ්‍ය කරුණු සූදානම් කරලා තියෙන්නේ. රටේ තියෙන සංචිත පිළිබඳ පැත්ත බලලා, විනිමය අනුපාතයන් පිලිබඳ පැත්ත බලලා, රටේ ජනතාවගේ තියෙන අවශ්‍යතාවයන් තියෙන පැත්ත බලලා, මේ හැම දෙයක්ම බැලන්ස් කරගෙන විදියට තමයි ඒකට ක්‍රමවේදය සූදානම් වෙන්නේ. පෞද්ගලික වාහන ආනයන පිළිබඳ මේ වෙන කොට අවශ්‍ය තොරතුරු finalize වෙලා නැහැ. තව ටික දවසකින් ඒක finalize වෙයි. මොකද බොහොම සුළු කාලයකින් ඒක ක්‍රියාත්මක වෙන්න තියෙන නිසා.“
කෙසේවෙතත් පෞද්ගලික වාහන ආනයනය 2025 පෙබරවාරි 01 වැනිදා සිට ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දෙසැම්බර් 18 වැනිදා නිවේදනය කළේය.
නව වැඩපිළිවෙලක් යටතේ මෙලෙස වාහන ආනයනය සිදුකරන බව පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා පැවැසීය.
වාහන කර්මාන්තය දීර්ඝ කාලයක් වසාතැබිය නොහැකි බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, අදියර තුනකින් වාහන ආනයනය යළි ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව ද ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart