
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආර්ථික අර්බුදයෙන් මිදීම සදහා ශ්රී ලංකාව විසින් අනුගමනය කරන ප්රතිසංස්කරණ ඇගයීමට ලක් කර ඇති ලෝක බැංකුව එය තවදුරටත් සාර්ථකව පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කර තිබේ.
ලෝක බැංකුව වෙනුවෙන් මෙම අදහස් පළ කර ඇත්තේ පසුගියදා මෙරට සිව්දින නිල සංචාරයක් නිමා කළ එහි මෙහෙයුම් කළමනාකරණ අධ්යක්ෂ ඇනා බියර්ඩේ විසිනි.
සිය සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඇතුළු බොහෝ පාර්ශ්ව සමග සාකච්ඡා කළ ඇය උතුර ඇතුළු පළාත් ගණනාවක ද සංචාරය කළාය.
සිය සංචාරය නිමා කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ඇය සදහන් කර ඇත්තේ, මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට , මානව ප්රාග්ධන සම්පත වර්ධනය කිරීම සහ නව රැකියා උත්පාදනය සදහා ලෝක බැංකුව සිය උපරිම සහය ලබාදෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart