July 11, 2025

හෙරො­යින් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් පන­හක් සමඟ එක් සැක­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට ගත් බවත්, පළාගිය ප්‍රධාන සැක­ක­රු­වන් දෙදෙනා සොයා පරී­ක්ෂණ ආරම්භ කර ඇති බවත් දික්වැල්ල පොලී­සිය පැව­සීය.

දික්වැල්ල පොලී­සියේ නිල­ධා­රීන් විසින් පෙරේදා (9) සවස වල­ස්ගල මාර්ග බාධ­ක­යේදී සැක­ක­ට­යුතු නවීන පන්නයේ මෝටර් රථ­යක් නවතා එහි ඇතු­ළත හා ඉදි­රි­පස කොටස පරීක්ෂා කර ඩිකිය කොටස පරීක්ෂා කිරී­මේදී ඒ තුළ රෙදි බෑග­යක ඔතා සඟවා තිබූ හෙරො­යින් වර්ගයේ මත්ද්‍රව්‍ය තොග­යක් සොයා­ගෙන තිබේ.

පසුව පොලිස් නිල­ධා­රියා විසින් ඒ පිළි­බ­ඳව වැඩි­දුර සොයා බල­මින් සිටි­යදී මෝටර් රථයේ සිටි සැක­ක­රු­වන් පළායෑමට උත්සාහ දරා ඇති අතර, පොලිස් නිල­ධා­රීන් ඔවුන් සමඟ පොරබදා නතර කර ගැනී­මට උත්සාහ දරා ඇතත්, පොර බැදී­මෙන් ඉරී­ගිය කමිස ද සහි­තව සැක­ක­රු­වන් දෙදෙනා මෝටර් රථ­යෙන් පළාගොස් තිබේ.

සිද්ධිය පිළි­බඳ සැල­වී­මත් සමඟ වල­ස්ගල අදාළ ස්ථාන­යට ගිය දික්වැල්ල පොලී­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති ප්‍රමුඛ පොලිස් කණ්ඩා­යම වහා පරී­ක්ෂණ ආරම්භ කොට කරුණු සොයා බල­මින් සිටි­යදී ලද තොර­තුරු මත මෝටර් රථය ගමන් කරන ස්ථාන සොයා හඹායෑමේදී හක්මන පොලිස් වසමේ ලාල්පේ ප්‍රදේ­ශයේ නිවෙ­සක මෝටර් රථය සඟවා තිබි­යදී එදින රාත්‍රී හතට පමණ සොයාගැනී­මට හැකිවිය.

එලෙස සොයාගත් මෝටර් රථයේ අංක පහඩු ගලවා දමා තිබී ඇති අතර, පසුව කරන ලද විම­ර්ශ­න­යේදී අදාළ නිවෙසේ පදිංචි විසි­පස් හැවි­රිදි පුද්ග­ල­යකු සමඟ ඔහුට අයත් ත්‍රිරෝද රථයේ නැඟී ප්‍රධාන සැක­ක­රු­වන් දෙදෙනා කැක­ණ­දුර ප්‍රදේ­ශ­යට පළාගොස් ඇති බව පොලි­සිය අනා­ව­ර­ණය කර­ගෙන ඇත.

එලෙස සැක­ක­රු­වන් දෙදෙනා කැක­ණ­දුර ප්‍රදේ­ශ­යට රැගෙන ගිය ත්‍රිරෝද රථය පැදවූ පුද්ග­ල­යාව අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, පලා ගිය මිරිස්ස හා හක්මන ලාල්පේ ප්‍රදේ­ශයේ, පදිංචි අවු­රුදු විසි අටක් (28) හා අවු­රුදු තිහක් (30) වය­සැති අනෙක් සැක­ක­රු­වන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලිස් පරී­ක්ෂණ ආරම්භ කර තිබේ.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු ඊයේ (10) මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර රැඳ­වුම් නියෝග ලබා ගැනී­මට නිය­මි­තව තිබිණි.(දිනමිණ)