
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව බිලියනපතියන් අතර පෙරමුණේ සිටින එලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක්(Starlink) අන්තර්ජාල සේවාව දැන් ශ්‍රී ලංකාව තුළ පෙර-ඇණවුම සඳහා විවෘතව ඇති අතර, මහජනතාවට සම්පූර්ණයෙන්ම ආපසු ගෙවනු ලබන එක්සත් ජනපද ඩොලර් 9ක තැන්පතුවක් ඔස්සේ Starlink එම සේවාව වෙන්කරවා ගත හැක.
Starlink වෙනුවෙන් මෙරට නියාමන අනුමැතිය ලැබීමට නියමිතව ඇති අතර, 2024 දී සමගම ශ්‍රී ලංකාවේ සේවා ආරම්භ කිරීමට අපේක්ෂා කරයි.
එක් එක් ආවරණ ප්‍රදේශය තුළ ‘ප්‍රථමයෙන් පැමිණෙන අයට ප්‍රථම සේවා'(first-come, first-served basis) පදනම මත ඇණවුම් ඉටු කරනු ලැබේ.
Starlink’s Internet Constellation යනු වාණිජ චන්ද්‍රිකා ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණවලින් එකකි.
සාම්ප්‍රදායික චන්ද්‍රිකාවලට වඩා ඉතා පහළින් පෘථිවිය වටා කක්ෂගත වන අතරතුර තාරකා මණ්ඩලයක් ලෙස ක්‍රියා කරන කුඩා චන්ද්‍රිකාවල නව වින්‍යාසයක් භාවිතා කරමින් Starlink වේගවත් බ්‍රෝඩ්බෑන්ඩ් හැකියාවක් සහ කාර්ය සාධනයක් ගෙන එයි.
ස්ටාර්ලින්ක් සේවාව ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම සඳහා එලොන් මස්ක් අයදුම්පතක් එවා ඇති බවත්, ස්ටාර්ලින්ක් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ මූලික කටයුතු අවසන් කර ඇති බවත් පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart