
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කච්චතිව් දූපත නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් ප්‍රාන්ත සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
යෝජනාවට අනුව, කච්චතිව් දූපත නැවත ලබා ගැනීම තමිල්නාඩු ධීවරයන්ගේ සාම්ප්‍රදායික මසුන් ඇල්ලීම ආරක්ෂා කිරීම සඳහා ඇති එකම ස්ථිර විසඳුම ලෙස හඳුන්වා ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් ධීවරයන් මුහුණ දෙන’ගැහැට’ අවම කිරීම සඳහා සඳහා කච්චතිව් දූපත ලබා ගැනීම එකම ස්ථිර විසඳුම බව යෝජනාවේ සඳහන් වේ.
“ඉහත කරුණු සළකා බැලීමේදී, ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම වහාම සමාලෝචනය කර කච්චතිව් දූපත නැවත ලබා ගැනීමට සියලු පියවර ගන්නා ලෙස මෙම උත්තරීතර සභාව ඒකමතිකව මධ්‍යම රජයෙන් ඉල්ලා සිටී,” යනුවෙන් යෝජනා ප්‍රකාශයේ සඳහන් වේ.
සිරගත කර සිටින සියලුම ඉන්දීය ධීවරයන් ඔවුන්ගේ බෝට්ටු සමඟ හොඳ හිත මත නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකා නිල සංචාරයේදී ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කරන ලෙස එම යෝජනාවෙන් අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත.
මෑත මාසවලදී, දිවයිනේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් තමිල්නාඩු ධීවරයන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ගේ බෝට්ටු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් නිතර දක්නට ලැබිණි.
පෙබරවාරි මාසයේදී තමිල්නාඩුවේ රාමේෂ්වරම් හි ධීවරයන් 32 දෙනෙකු බෝට්ටු පහක් සමග අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඉන්දීය ධීවරයෝ දින නියමයක් නොමැති වැඩ වර්ජනයක් ආරම්භ කළහ.
මෑතකදී, තමිල්නාඩුවේ ප්‍රාදේශීය දේශපාලන පක්ෂයක රාජ්‍ය සභා මන්ත්‍රීවරයකු වන වයිකෝ, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් තමිල්නාඩු ධීවරයන්ට සිදුවන භයානක අත්අඩංගුවට ගැනීමේ අනුපාතය සහ ඔවුන්ට දිගින් දිගටම හිරිහැර කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවට දොස් පවරා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart