අද දිනයේ(19) සිට ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව විසින් ගුවන් ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය යාවත්කාලින කර ඇත.
ඒ අනුව පහත දැක්වෙන ක්‍රමවේදය ඔස්සේ ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීමට කටයුතු කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දෙයි.
01. 2025.01.01 දින සිට ශ‍්‍රී ලංකා රජය විසින් ශ‍්‍රී ලාංකිකයින් හට කාර්යක්ෂම හා ආරක්ෂාකාරි නව e- ගමන් බලපත් ලබාදීම ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව ගමන් බලපත් අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත් අයදුම් කිරීමේ ක‍්‍රමවේදය පහත දැක්වෙන පරිදි නව ක‍්‍රමවේදයක් ලෙස ක‍්‍රියාත්මක වේ.
02. ඒ අනුව 2024.07.16 දින සිට ශ‍්‍රී ලංකා ගමන් බලපත් අයදුම්කිරිම සඳහා https://www.immigration.gov.lk සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදුකල යුතුය. 2024.07.16 වන දින ලියාපදිංචි වන අයදුම්කරුවන් සඳහා මෙම ක‍්‍රමවේදය ආරම්භ වනුයේ 2024.07.19 වන සිකුරාදා දින සිටය. එබැවින් 2024.07.18 වන බ‍්‍රහස්පතින්දා දක්වා මෙතෙක් පැවති ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක වේ.
03. ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ ප‍්‍රමුඛතා ක‍්‍රමවේදයකට අනුකූලවය.
04. ගමන් බලපත‍්‍රයක් හිමි මෙන්ම නව අයදුම්කරුවන් සඳහාද ගමන් බලපත් ලබාගැනීම සඳහා ලියාපදිංචි විය හැක. ගමන් බලපත‍්‍රයක් හිමි අයදුම්කරුවන්ගේ ප‍්‍රමුඛතාවය ලබාදීම සඳහා පහත කරුණු පදනම් කරගනු ලැබේ.
4.1 ඔබ සතුව දැනට වලංගු ගමන් බලපත‍්‍රයක් තිබීම
4.2 ඔබ සතු වලංගු ගමන් බලපත‍්‍රයේ වලංගු කාලය මාස 06 කට වඩා අඩුවීම
4.3 ඔබ සතු ගමන් බලපත‍්‍රය මෑතකදී විදේශ ගමන් සඳහා භාවිතා කර තිබීම
05. ලියාපදිංචි වීම සඳහා පහත දෑ අවශ්‍ය වේ
5.1 වලංගු ජාතික හැඳුනුම්පතක් තිබීම. – එක් වලංගු හැඳුනුම්පත් අංකයක් භාවිත කළ හැක්කේ අදාළ අයදුම්කරුවාගේ සහ ඔහුගේ/ඇයගේ වයස අවුරුදු 16 ට අඩු එක් දරුවකුගේ අයදුම්පතක් සඳහා පමණි.
5.2 වලංගු ජංගම දුරකථන අංකයක් – එක් ජංගම දුරකථන අංකයක් උපරිම ලියාපදංචි වීම් දෙකක් සඳහා භාවිත කළ හැකිය.
06. ඉහත 04 හා/හෝ 05 සමග වන අව්‍යශතා සම්පූර්ණ ඔබට, අදාළ අනුමත ඡායාරූපාගාරයකින් ගත් ඡායාරූප රිසිට්පත සමග www.immigration.gov.lk වෙබ් අඩවියට ප‍්‍රවේශ වී ”ගමන් බලපත‍්‍ර අයදුම් කිරීම සඳහා ලියා පදිංචි වීම” යන අයිකනයට පිවිස ලියාපදිංචිය සිදුකරන්න.
07. ඔබගේ ලියාපදංචිය සාර්ථක වුවහොත් අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ඔබට SMS පණිවුඩයක් හරහා දැනුම්දෙනු ලැබේ. අදාළ SMS පණිවුඩයට අනුව ඔබට වෙන්කර ඇති දිනයට මධ්‍යහ්න 12.00 ට පෙර පැමිණීම අනිවාර්යය වේ. එදිනට පැමිණීමට නොහැකි වන්නේ නම් ඔබට වෙන්කර ඇති අවස්ථාව අහිමි වේ.
08. පූර්ව ලියාපදංචි ක‍්‍රමවේදය එක් දින සේවය සහ සාමාන්‍ය සේවය යන දෙවර්ගය සඳහාම වලංගු වේ.
09. දැනට ඔබ සතුව වලංගු ගමන් බලපත‍්‍රයක් පවතින්නේ නම් සහ එහි වීසා පිටු ඉතිරිව පවතී නම්, නුදුරු අනාගතයේදී e- ගමන් බලපත් ක‍්‍රියාත්මක වන තෙක් ඔබ සතු ගමන් බලපත‍්‍රය භාවිත කිරීම වඩාත් යෝග්‍ය වේ.
10. දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමෙන් තොරව දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් ගමන් බලපත‍්‍රයක් ලබාගැනීමට ඔබට හැකියාවක් නොමැත.